.
මුලින්ම බලමු මොකක්ද මේ YoBit Account කියන්නෙ කියලා..
ඇත්තටම මේකෙන් වෙන්නෙ මෙහෙමයි..
අපි හිතමු ඔයා මුදල් උපයන ඇප් එකෙන්, නැත්නම් සයිට් එකින් ඔයාට ලැබෙන Coin වර්ගය ඔයා මුදල් බැංකුවට හෝ Dialog Ez Cash අකවුන්ට් එකකට ගෙන්න ගන්න භාවිතා කරන වෙබ් අඩවියේ (වොලට් එකේ) පාවිච්චි කරන Coin වර්ගයට ගැලපෙන්නෙ නෑ කියලා... අන්න ඒ වෙලාවට අපිට පුලුවන් මේ අපි හදන්න යන YoBit අකවුන්ට් එක හරහා ඔයා ලග තියෙන Coin ඔයාට ඕන Coin වර්ගයක් විදියට පරිවර්තනය කරගන්න.
ඊට පස්සෙ ඔයාට ඕන අකවුන්ට් එකකට මේ YoBit Account එක මගින් Coin යවන්න පුලුවන්..
ඔයා අන්තර්ජාලයෙන් මුදල් උපයන හෝ උපයන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නම් මේ YoBit Account එක අද කාලෙ නැතිවම බැරි එකක්..
මේ කියපුවා තේරුනේ නැත්නම් බයවෙන්න එපා.. ඔයාලට මේකෙන් වැඩ කරගෙන යනකොට තේරෙනවා.. ඒ නිසා පහත දක්වලා තියෙන විදියට අකවුන්ට් එක හදාගන්න..
දැන් අපි YoBit Account එක හදමු.
සැලකිය යුතුයි} පහත දක්වා ඇත්තේ ජංගම දුරකථනය මගින් YoBit ගිණුම සකසන ආකාරය වුවද පරිගණකය හරහා වුවද මෙම පියවරයන්ම භාවිතා කළ හැක.
- 01 පහත පිංතූරය උඩ ටච් කරලා YoBit සයිට් එකට යන්න..
දැන් ඔයා ඉන්නෙ YoBit.net සයිට් එකේ..
- දකුණුපස උඩ තියෙන Registration ටැබ් එක ටච් කරන්න.
- දැන් පහත පරිදි Registration ෆෝම් එක පුරවන්න.
Login → ඔයා කැමති වචනයක්, ඉලක්කම් සමග ලබාදෙන්න.
Email Address → ඔයාගෙ හොදින් වැඩ කරන, ඇක්ටිව් ඊ-මේල් ලිපිනයක් ලබාදෙන්න.(පාස්වඩ් එක අමතක වූ ඊ-මේල් ලිපිනයක් නම් මෙතනට දෙන්න එපා. පාස්වඩ් එක අමතක නම් අලුත් ඊ-මේල් අකවුන්ට් එකක් හදාගෙන ඒ අලුත් ඊ-මේල් ලිපිනය මෙතනට දෙන්න.)
Password → ඔයාලා කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. පාස්වඩ් එක ලබාදෙනකොට කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම් සහ විරාම ලකුණු යනාදී සියල්ලම ඇතුළත් පාස්වඩ් එකක් ලබා දෙන්න. ලබාදෙන පාස්වඩ් එක වැරදි කියලා පෙන්නනවානම් නැවත උත්සාහ කරන්න. පුලුවන් තරම් ශක්තිමත් පාස්වඩ් එකක් ලබාදෙන්න.
Confirm Password → කලින් ලබාදුන් පාස්වඩ් එකම නිවැරදිව නැවත වරක් ලබාදෙන්න.
- දැන් පහල I agree to Rules Of Yobit.net කියන තැන තියෙන කොටුව ටච් කරලා හරි ලකුණක් යොදන්න.
- දැන් I,m not a robot. කියන තැනත් ටච් කරලා හරි ලකුණක් යොදන්න.
- දැන් ආව කැප්චා බොක්ස් එක නිවැරදිව තෝරන්න. උඩින් පෙන්නන වචනයට අදාළ පිංතූර සියල්ල තෝරන්න. (කාර් කියලා ආවොත් පහළ තියෙන පිංතූර වලින් කාර් එකක්, කාර් එකක කොටසක් හෝ තියෙන පිංතූර සියල්ල තෝරන්න. වැරදුනොත් නැවත උත්සාහ කරන්න.
- දැන් VERIFY බට්න් එක ටච් කරන්න.
- Register බට්න් එක ටච් කරන්න.
- මෙහෙම මැසේජ් එකක් ආවම, මේ වෙබ් පේජ් එක මෙහෙමම තියෙනකොට ෆෝන් එකේ තියෙන Gmail හෝ Yahoo Mail ඇප් එක හරහා යන්න ඔයාගෙ ඊ-මේල් අකවුන්ට් එකට.. (මේ YoBit අකවුන්ට් එක හදනකොට දුන්නු ඊ-මේල් අකවුන්ට් එකට)
- දැන් ඔයාලගෙ ඊ-මේල් අකවුන්ට් එකේ All Mail (Primary, Inbox) එකට ඇවිත් ඇති Yobit Mailer කියලා ඊ-මේල් එකක්. ඒ Yobit Mail කියන එක ඕපන් කරගන්න. ( Inbox එකේ නැත්නම් Spam එකේ බලන්න ).
- දැන් ආයෙ ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකට ගියාම මෙහෙම මැසේජ් එකක් ඇවිත් ඇති. ඒකෙ තියෙන Switch On කියන වචනෙ ටච් කරන්න.
- දකුණු පැත්තෙ උඩින්ම තියෙන Login ටැබ් එක ටච් කරන්න.
- දැන් ආයෙත් ඔයාලගෙ ඊ-මේල් ඇඩ්‍රස්, පාස්වඩ් දීලා, i'm not a robot කියන තැන හරි ලකුණ යොදලා, කැප්චා එකෙන් නිවැරදිව පිංතූර තෝරලා දීලා පහළ තියෙන Login බට්න් එක ටච් කරන්න.
- පහත ආකාරයට ඔයාගෙ YoBit අකවුන්ට් එක Open වෙයි. දකුණු පැත්තෙ උඩ බලන්න ඔයා කලින් දුන්නු User Name එක පෙන්නනවා..
- දැන් ඔයාගෙ YOBIT අකවුන්ට් එක හදලා ඉවරයි.. තේරුනේ නැති තැනක් තියෙනවා නම් පහත Comment Section එකේ Comment කරන්න. ඔයාලගෙ අදහසුත් Comment කරන්න යාලුවනේ...
No comments:
Post a Comment