ඩයලොග් සේවා මධ්‍යස්ථාන වසා තබන අවස්ථාවකදී, නැත්නම් ඔයාගෙ Ez Cash නම්බර් එකේ තියෙන මුදල් ලබාගන්න ස්ථානයක් සොයාගන්න අමාරු අවස්ථාවකදී භාවිතා කරන්න පුලුවන් ඉතාමත් පහසු මුදල් ලබා ගැනීමේ ක්‍රමයක් තමයි මේ...
අපි බලමු Commercial Bank ATM වලින් Ez Cash මුදල් ලබාගන්නේ කොහොමද කියලා....
- Commercial Bank ATM එකකට ගිහින් "කාඩ්පත නොමැති ගණුදෙනු සදහා" කියන Option එක තෝරන්න.
- ඔයාට ගන්න ඕනි මුදල් ප්‍රමාණය ටයිප් කරලා "නිවැරදි" කියන Option එක තෝරන්න.
- බින්දුව සහිතව ඔයාගෙ ෆෝන් නම්බර් එක ටයිප් කරලා නිවැරදි කියන Option එක ඔබන්න.
- දැන් ඔයාගෙ ෆෝන් එකට මේ විදියට මැසේජ් එකක් එනවා. ඔයාගෙ Ez Cash අකවුන්ට් එකට අදාළ PIN නම්බර් එක ටයිප් කරන්න.
No comments:
Post a Comment