ඔයාලාගෙ Skrill අකවුන්ට් එකේ තියෙන සල්ලි ගන්න දැන් භාවිතා කරන ජනප්‍රියම සහ පහසුම ක්‍රමය තමයි මේ Dialog Ez Cash කියන්නෙ. ඒ විතරක් නෙමෙයි ඔයාලා දන්නවා අපිට කාට හරි සල්ලි යවන්න, බිල් ගෙවන්න වගේ සාමාන්‍ය වැඩ වලටත් අපි දැනටමත් මේ Ez Cash සේවාව පාවිච්චි කරනවා.
ඒ විතරක් නෙමෙයි මෑතකාලිනව අපිට ලැබුණු අගනා පහසුකමක් තමයි මේ Ez Cash ගිණුමේ තියෙන සල්ලි Commercial බැකුවේ ATM මැශින් පාවිච්චි කරලත් අපේ අතට ගන්න පුලුවන් පහසුකම Dialog ආයතනය විසින් සපයලා දීලා තියෙනවා.
Commercial Bank එකේ ATM එකෙන් අපේ Ez Cash සල්ලි ගන්න විදියත් ඊලග පෝස්ට් එකෙන් ඔයාලට කියල දෙන්නම් යාලුවනේ.
දැන් අපි බලමු කොහොමද මේ Ez Cash සේවාව ඔයාගෙ දුරකතනයට හදාගන්නෙ කියලා.
- ඔයාට ඩයලොග්, හච්, එටිසලාට් කියන තුනෙන් කුමක් හෝ සිම් එකක් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්.
- ඔයාගෙ ෆෝන් එකෙන් #111# ටයිප් කරලා කෝල් බට්න් එක ටච් කරන්න.
- මෙතන ඔයාට හොදට මතක තියාගන්න පුලුවන් ඉලක්කම් 4ක් ටයිප් කරන්න. අපි Ez Cash හරහා සල්ලි ගන්නකොට මේ ඉලක්කම් හතර උවමනා වෙනවා. මේක තමයි ඔයාගෙ Ez Cash PIN නම්බර් එක.
- දැන් SEND කියන එක ටච් කරන්න.
- මීලගට නැවතත් ඒ PIN නම්බර් එක මෙතනත් ටයිප් කරලා SEND ඔබන්න.
- ඔයාලා Ez Cash ඇප් එක දාගත්තොත් වැඩ කරගන්න තවත් ලේසියි.
- ලේසියෙන්ම ඔයාගෙ Ez Cash ගිණුමේ තිබෙන මුදල් ප්‍රමාණය (Balance) දැනගන්න, බිල් පත් ගෙවන්න, රීලෝඩ් දාගන්න, වෙනත් අයට මුදල් යවන්න වගේ ගොඩාක් පහසුකම් ඉතාමත් ඉක්මනින් ලේසියෙන් කරගන්න මේ Ez Cash ඇප් එක හරහා පුලුවන්. PlayStore හෝ AppStore එකෙන් ඔයාට පුලුවන් Ez Cash ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න..
- ඩවුන්ලෝඩ් කරගෙන Install කරගෙන ඔයාගෙ Ez Cash ගිණුමේ විස්තර ඇප් එකට ලබාදෙන්න. ( නම්බර් එක, ෆෝන් නම්බර් එක ආදිය )
No comments:
Post a Comment