අන්තර්ජාලයෙන් උපයන මුදල් ඔයාගෙ Dialog Ez Cash ගිණුමට හෝ Bank අකවුන්ට් එකට ලබාගැනීමේදී මේ Skrill අකවුන්ට් එක අනිවාර්යෙන්ම උවමනා වෙනවා..
පහත පියවරයන් අනුගමනය කරලා Scrill අකවුන්ට් එක හදාගන්න.
- මුලින්ම ඔයාගෙ ෆෝන් එකේ Play Store එකට ගිහින් Skrill කියලා Search කරන්න. ( ඔයාගෙ ෆෝන් එක Apple නම් Apple App Store එකට ගිහින් Skrill කියලා Search කරන්න.)
- දැන් පහත පරිදි ඇප් එක INSTALL කරගෙන OPEN කරගන්න.
- දැන් මෙතනට ඔයාගෙ ෆෝන් එකේ තිබෙන E-Mail අකවුන්ට් සියල්ල පෙන්නනවා.. ඒ අතරින් ඔයාගෙ වැඩ කරන, සක්‍රීය E-Mail අකවුන්ට් එක ටච් කරන්න. මෙතන නැති වෙනත් E-Mail අකවුන්ට් එකක් දෙනවා නම් NONE OF THE ABOVE ටච් කරලා වෙනත් E-Mail අකවුන්ට් එකක් දෙන්න.
- පහත විස්තර පුරවන්න.
First Name - ඔයාගෙ මුල් නම.
Last Name -අවසාන නම.
Email - Email අකවුන්ට් එක
Password - ඔයා කැමති පාස්වඩ් එකක්. (පාස්වඩ් එක ලබාදෙන කොට කැපිටල් අකුරු, සිම්පල් අකුරු, ඉලක්කම්, විරාම ලකුණු ආදිය ඇතුළත් පාස්වඩ් එකක් ලබාදෙන්න. පාස්වඩ් එක වැරදි කියලා කියනවා නම් නැවත වරක් උත්සහ කරන්න.)
- Country එකට Sri Lanka දීලා, Currency එකට USD ලබාදෙන්න. දැන් SIGN UP ටච් කරන්න.
- NEVER ටච් කරන්න.
- Deposit කියන එක ටච් කරන්න.
- මේ කාඩ් එකක සලකුණ ටච් කරන්න.
- දැන් පහත ආකාරයට විස්තර පුරවන්න.
Address Line 1 ඔයාගෙ ලිපිනයේ මුල කොටස ටයිප් කරන්න උදා- (ගම )
Address Line 2 ලිපිනයේ දෙවෙනි කොටස උදා- ( ලගම නගරය )
City ප්‍රධාන නගරය
Postcode ඔයා ඉන්න ප්‍රදේශයට අදාල Postal කෝඩ් එක ( Postal Code එක නොදන්නේ නම් ඔයාගෙ ප්‍රදේශයේ නම, ඒ ඉස්සරහින් Postal Code කියලා ටයිප් කරලා ගූගල් Search කරන්න.)
Birthday ඔයාගෙ උපන් දිනය.
- දැන් ආයෙත් ඔයාගෙ E Mail එකයි, මේ Skriller අකවුන්ට් එකට ලබාදුන්නු පාස්වඩ් එකයි දීලා Login වෙන්න.
- දැන් ඔයාගෙ ෆෝන් එකේ ඉන්ටනෙට් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. (UC Browser, Google Chrome)
- දැන් මේ මිනිස් හිසක සලකුණ ඔබන්න.
- දැන් Option: 1 Create a PIN කියන එක ටච් කරන්න.
- දැන් ඉලක්කම් 6ක් ලබාදීලා SAVE බට්න් එක ඔබන්න.. (මේ ඉලක්කම් හය පිළිවෙලට ගොඩාක් පරිස්සමට මතක තියාගන්න. කාටවත් කියන්න එපා. හරියට ATM කාඩ් එකේ නම්බර් එක වගේ )
- හරි දැන් මේ විදියට ඔයාගෙ Skrill ගිණුම හදාගෙන අවසන් වෙනවා..
මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් පහත Comment Section එකේ Comment කරන්න.. ඔයාලගෙ අදහසුත් අපිට පහළින් Comment කරන්න යාලුවනේ.
Thank you
ReplyDeleteThanks හදලා බලන්නම් account එක thanks පැහැදිලිව කියා දුන්නට
ReplyDelete